Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 18:49:35 Hours

එච්අයිවි පිළිබඳ විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් දැනුවත් කෙරේ

එච්අයිවි එඩ්ස් පිළිබඳ විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (01) දින බෝයගනේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සීමාසහිත ජොන් කීල්ස් සමාගම නියෝජනය කරමින් එහි කණ්ඩායමක් විසින් මෙම වැඩසටහනේ දේශන පැවැත්විය.

මෙම දේශනය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එස්. ආරියසිංහ ඇතුලු නිලධාරීන් 25 ක් සහ සෙසු නිලයින් 535 ක් සහභාගි වූහ.

Best jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov