Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2016 15:24:13 Hours

එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පුහුණු පාඨමාලාව අවසන් වේ

කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ දි ජුලි මස 11 සිට 27 දක්වා පැවති එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පුහුණු පාඨමාලාවේ සමාප්ති උළෙල බදාදා (27) දින එම පාසලේ දී පවත්වන ලදි. එම පාඨමාලාව තුල දී සාමසාධක මෙහෙයුම් පිළිබඳ ඉදිරිපත් කිරීම්, සමුහ සාකච්ඡා, සාමසාධක මෙහෙයුම් තුල දී වැදගත්වන කරුණු, හමුදා මාණ්ඩලික සැලසුම් අභ්‍යාස සහ යුද හමුදා මට්ටමේ ඒකාබද්ධ මාණ්ඩලික අභ්‍යාස කටයුතු සිදු කරන ලදි. ශ්‍රී ලංකා යුද හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු දේශීය ශිෂ්‍ය නිලධාරීන් මෙන්ම විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ද මෙම පාඨමාලාව හදාරනු ලැබිය. මෙම සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි විය.Sports Shoes | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ