16th October 2023 21:56:50 Hours
උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ මේජර් ජෙනරල් ඩී.පී. වෙලගෙදර ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 4) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමි පරිශ්‍රයේදී පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. සමූහ ඡායාරූපයන් සඳහා සහභාගී වීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් උත්සවය සමාප්ත විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති, එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.