Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st September 2016 19:59:09 Hours
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 24 ක් මුරලි සහයෝගිතා කුසලාන තරඟාවලිය සඳහා තරඟවදියි
උතුරු සහ නැගෙනහිර සියලුම පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආකර්ශනය දිනා ගත් විස්සයි විස්ස මුරලි සහයෝගිතා කුසලාන ක්‍රිකට් තරගාවලිය කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ අඟහරුවාදා (20) දින පැවති සමාරම්භක උත්සවයෙන් අනතුරුව අද (21) උදෑසන ආරම්භ විය. පිළිවෙලින් 5 වන වරටත් මෙම මුරලි සහයෝගිතා කුසලාන තරගාවලිය යුද්ධයෙන් පීඩාවටපත් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන අතර, එම තරඟාවලිය ඉරිදා (25) දින අවසන් වේ. මෙම තරඟාවලිය, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විශාල වශයෙන් අනුග්‍රහය දක්වන අතර, මෙහිදි යුද්ධයෙන් බලපෑම එල්ල වූ උතුරු ප්‍රදේශ පිහිටා තිබේන මාන්කුලම්, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් හි විශේෂිත පාසල් ක්‍රීඩාපිටි 05 ක දී පිරිමි පාසල් ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා පාසල් ක්‍රිකට් කණ්ඩායම් 8ක් තරඟවදිනු ඇත. එනමුත් කාන්තා කණ්ඩායම් මාන්කුලම් මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පමණක් තරඟ කරනු ලැබේ. අඟහරුවාදා (20) දින පැවති මෙහි සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, ගුණ ජය සතුට පදනමේ සභාපති කුෂිල් ගුණසේකර මහතා, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, කිලිනොච්චි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුණ ජය සතුට පදනමේ නිලධාරීන්, කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, තරඟාවලිය සඳහා සහභාගිවන්නන්, පාසල් පුහුණුකරුවන් සහ ගුරුවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙහි අවසන් පූර්ව තරග සෙනසුරාදා (24) දින පැවැත්වෙන අතර, අවසන් මහා තරඟය ඉරිදා (25) දින සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ. තවද, සමාරම්භක උළලේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් නැඟිඑන ක්‍රිකට් ක්‍රීඩකයින් ඇමතු අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම සහ ක්‍රීඩාවන්ට සාමූහිකව සහභාගීවීම තුලින් සහජීවනය හා සමගිය වර්ධනය වන බවද අවධාරණය කරන ලදි.
jordan Sneakers
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News