08th May 2024 17:17:49 Hours
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී මැයි 07 වන දින පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
එහිදී උගන්ඩා ජාතික කණ්ඩායම ලකුණු 111කට සීමා කරමින් යුද්ධ හමුදා පන්දු යවන්නන් සිය අණසක පැතිරවුහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 116ක් ලබා ගනිමින් කඩුලු 5ක පහසු ජයක් අත්කර ගත්තේය.
යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් විසින් දැක්වූ දක්‍ෂතා පහත පරිදි වේ.
පිතිකරණය
මේජර් එන්.ටී.එල්.සී පෙරේරා - ලකුණු 38
සාමන්‍ය සෙබල ඩබ්ලිව්.එස්.ඊ.එන් ප්‍රනාන්දු - ලකුණු 30 යි
බළලත් නිලධාරි 11 ඩී.ජී.ඒ.එස් ගුණරත්න - ලකුණු 19
ලුතිනන් ඒ හේරත් - ලකුණු 13 (නොදැවී)
පන්දු යැවීම
බළලත් නිලධාරි 11 ඩී.ජී.ඒ.එස් ගුණරත්න - ලකුණු 10කට කඩුලු 3
බළලත් නිලධාරි 1 එස්. ප්‍රසන්න - ලකුණු 15කට කඩුලු 3යි
කෝප්‍රල් කේ.ජී.බී චන්ද්‍රබෝස් - ලකුණු 22කට කඩුලු 3යි
සාමන්‍ය සෙබල ඩබ්ලිව්.පී.සී.තීක්ෂණ – ලකුණු 3කට කඩුලු 1යි