17th May 2018 13:40:37 Hours
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මෙරට සිදුකල සංචාරය අතරතුර බ්‍රහස්පතින්දා (16) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 වන සේනාංක මූලස්ථානයේ සංචාරය කල අතර එහිදි එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
22 සේනාංකය වෙත සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් වෙත එම සේනාංක මූලස්ථාන ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යෑම (drive-past) පිළිගන්වනු ලැබීය.
අනතුරුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් 22 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන්ව, උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් පසුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ වගකීම් හා කාර්යභාර්ය මෙන්ම භට පිරිස් විසින් ක්‍රියාවට නංවා ඇති සංහිඳියා වැඩසටහන්, ප්‍රදේශයේ අඛණ්ඩ සංවර්ධනය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් පිළිබඳ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් දැනුවත් කරන ලදී.
මෙම සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, 22 වන සේනාංක මූලස්ථානයේ සියළුම නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර එතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි සමරු සටහනක් ද තැබීමට අමතක නොකළහ.
මෙම සංචාරය අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මීට අමතරව, සංචාරක ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදි, නැගෙනහිර නාවික විධාන ආඥාපති තුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
නැගෙනහිර නාවික විධාන මූලස්ථානයට සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නියෝජිත පිරිස සඳහා සංග්‍රහ කටයුතු සිදු කිරිම ඇතුලු අවශ්‍ය සියළු පහසුකම් එහිදි සැලසීය.
මෙම අවස්ථාවට 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ද එක්ව සිටියහ.
Sportswear free shipping | Women's Nike Air Max 270 trainers - Latest Releases