02nd January 2025 06:29:55 Hours
ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකාය විසින් 2024 දෙසැම්බර් මස 26 දින මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනයක් පැවැත්වීය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ හමුදා සාමාජිකයන් අතර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමයි.
මෙම දේශනය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවාරණ සම්බන්ධීකාරක දුල්ෂානි තාරකා මහානාම මහත්මිය විසින් සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා සහභාගී වූ පිරිස වෙත ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සටන් කිරීමේ අභියෝග පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදුන්නේය.
යුද්ධ හමුදාව තුළ මත්ද්‍රව්‍යවලින් තොර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ මෙම දේශනයට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළුව 300 දෙනෙකු පමණ සහභාගී වූහ.