07th March 2025 12:27:24 Hours
ඉංජිනේරු සේවා බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘75 වසරක අභිමානය’ සඟරාවේ පළමු පිටපත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc සහ එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඩි.ඩබ්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 මාර්තු මස 06 දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පිරිනමන ලදී.
ඉංජිනේරු සේවා බලකාය 75 වන සංවත්සරය 2025 ජනවාරි 10 වන දින අභිමානවත් අයුරින් සමරන ලදී. ඒ අනුව, ඉංජිනේරු සේවා බලකායේ පසුගිය දශක හතහමාරක කාලය තුල එම බලකායේ ඉතිහාසය, මේ දක්වා පැමිණි ගමන් මග, එම රෙජිමේන්තුවේ ප්‍රවර්ධනය හා ජයග්‍රහණයන් වැනි වැදගත් සිදුවීම් එක් කොට ‘75 වසරක අභිමානය’ සඟරාව නිර්මාණය කරන ලදී...