Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2023 21:43:57 Hours

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් කේ.එම්.එස් කුමාර විශ්‍රාම යාමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ මෙම ධූරය සඳහා පත්වූ අතර, මීට ප්‍රථම එතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන ලෙස ධූරයේ රාජකාරි කළේය.

මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එක්ව සිටියහ.