Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 09:10:08 Hours

ඇෆ්ගනිස්ථාන තානාපති පශ්චාත් ගැටුම්කාරී තත්වයන් පිළිබඳ අධ්‍යනයක

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු එම්. අෂ්රාෆ් හයිදාරි (M. Ashraf Haidari) ඉකුත් අඟහරුවාදා (10) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුවිය.

උතුරේ සිවිල් වැසියන් සවිබල ගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වර්තමානයේ පවතින පශ්චාත් ගැටුම්කාරි පරිසරයක් සහිත ජාතිය ගොඩනැඟීමේ හා ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් පිළිබඳ ආරක්‍ෂක හමුදාවන්ගේ කාර්යභාරය පිළිබඳ කරුණු තානාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සපැමිණි නියෝජිත පිරිස සමඟ පැවති සුහද හමුවේදි සාකච්ඡා වූහ.

එමෙන්ම, පශ්චාත් ගැටුම් සංවර්ධනය මැඩපැවැත්වීම මෙන්ම සාමය සහ සහජීවනය පවත්වාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දරණ උත්සහය ද එතුමන් මෙහිදී අගය කළේය.

තවද, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ද වර්තමාන ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළ අතර එම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අදාළ ඉඩම් නිදහස් කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම, සිවිල් කටයුතු සම්බන්ධීකරණය සහ වෙනත් කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.

අතීතයේදී දෙරට අතර ඇති අත්දැකීම් වලින් දෙරටට ඉගෙන ගත යුතු කරුණු පිළිබඳව ද සාකච්ඡාවේදී සාකච්ඡා වූහ. මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ප්‍රසන්න රණවක ද එක්වූහ. bridgemedia | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov