Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2016 17:15:57 Hours

ආසේමු මධ්‍යම නව ආඥාපති සිය ධුරයේ රාජකාරි භාරගනියි

මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ විසින් බදාදා (14) දින උදෑසන දියතලාව පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පිරිත් සජ්ජායන මධ්‍යයේ එම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාර ගත් අතර, ඒ වෙනුවෙන් චාම් උත්සවයක් ද පැවැත්විය. එම අවස්ථාව සිහිගන්වමින් නව ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපනය කරන ලදි. එමෙන්ම, බ්‍රහස්පතින්දා (22) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන රොන්ඩව් සරඹ භූමියේ දී 18 වන ගැමුණු හේවා භට පිරිස් විසින් මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි. එහිදි නව ආඥාපති විසින් භට පිරිස් ඇමතු අතර, සියලු නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය. මෙම අවස්ථාව සඳහා 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, 111, 112, 121 සහ 122 බලසේනාහි බලසේනාධිපතිවරුන්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ද සහභාගි වූහ.Sports brands | Nike Off-White