07th November 2023 20:00:58 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරීන් සහ භටකාර්ය සම්පාදන නිලධාරීන් සඳහා දින 06 ක වැඩමුළුවක් ඔක්තෝබර් මස 16 සිට 21 දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේදී පැවැත්වීය.
වැඩමුළුවේදී යුද්ධ හමුදාවේ පරිපාලනය, භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය, ප්‍රවාහනය, ක්‍රියා පිළිවෙත් ක්‍රියාත්මක කිරීම, සැපයුම් කටයුතු පිළිබඳව අවධානය යොමු වූ අතර, වැඩමුළුව සඳහා නිලධාරීන් 15 දෙනෙකු සහභාගී වූහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩමුළුව පැවැත්වීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු භටකාර්ය සම්පාදන නිලධාරීන් විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී. වැඩමුළුව අවසානයේ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක විසින් වැඩමුළුව සඳහා සහභාගිවූවන් සියලු දෙනා වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.