Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2023 20:49:02 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි රෙජිමේන්තු බළලත් නිලධාරින් වෙනුවෙන් වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මූලිකත්වයෙන් ජූලි මස 5 සහ 6 දෙදින තුළ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකක යටතේ සේවයේ නියුතු සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ බළලත් නිලධාරීන් වෙනුවෙන් දෙදින වැඩමුළුවක් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩමුළුවේදී නායකත්ව ගුණාංග, අණදීමේ හැකියාව, බළලත් නිලධාරීන්ගේ වගකීම්, කළමනාකරණ කුසලතා, අවමංගල්‍ය කටයුතු, විනය පවත්වාගැනීම, ඇඳුම් රෙගුලාසි ආදී කරුණු පිළිබඳව දැනුවත් කෙරිණි.

මෙම වැඩමුළුව යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළළත් නිලධාරී I ඩබ්ලිව්.පී.ඩී.ආර්. වීරසිංහ, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හිටපු විද්‍යාපීඨ සැරයන් මේජර් බළලත් නිලධාරී I කේ.ආර්.ඒ. සෙනවිරත්න (විශ්‍රාමික), යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරී I ජී.ජී.එම්.එස්. ජයවීර (විශ්‍රාමික), බළලත් නිලධාරී I එල්.එච්.ටී.ඩී. සරත් කුමාර සහ බළලත් නිලධාරී I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ විසින් මෙහෙයවන ලදී.

වැඩමුළුව සමාප්තියේ, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී විසින් වැඩමුළුවට සහභාගී වූ සියලුම බළලත් නිලධාරීන් සහ දේශකයන් වෙත සමරු ඵලක සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා බළලත් නිලධාරින් 90 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.