16th January 2025 11:02:04 Hours
නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්යක්ෂ මණ්ඩලය සමඟින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි එක්ව 2025 ජනවාරි මස 15 දින එම මූලස්ථාන ශ්‍රවණාගාරයේදී කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අධ්‍යාපනික දේශනයක් පවත්වන ලදී.
ඉරට්ටපෙරියකුලම්, පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය භාර නිලධාරිනි සැරයන් ශ්‍රියානි චන්ද්‍රලතා විසින් මෙම දේශනය පවත්වනු ලැබීය. එහිදී, කාන්තාවන්ට සේවා ස්ථානයන්හිදී සිදුවන හිංසනයන් වැළැක්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අපයෝජනය තුරන් කිරීම වැනි මාතෘකා සාකච්ඡා කරන ලදී.
මෙම වැඩසටහන මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කුගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.