Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th October 2024 06:40:30 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් කන්කසන්තුරේ තිස්ස විහාරයේ කඨින පිංකම පවත්වයි

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ සාම්ප්‍රදායික කඨින පූජාව එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය භටපිරිස් යාපනය ප්‍රදේශයේ පැවැත්වෙන මෙම ‘කඨින පිංකම්’ වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස පළමු උත්සවය සංවිධානය කර අනුග්‍රාහකත්වය දක්වන ලදී. මෙම ආගමික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් ද සහයෝගය ලබා දෙන ලදී.

පූජෝත්සවය ආරම්භ කරමින් 2024 ඔක්තොබර් මස 18 දින සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පිරිත් සජ්ඣායනය පැවැත්විණි. පසුදින උදෑසන කඨින චීවරය පෙරහැරකින් 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සිට තිස්ස රජ මහා විහාරයට වැඩම කරවා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා විසින් මහා සංඝරත්නය වෙත පූජා කරන ලද අතර, එහිදී භික්ෂූන් වහන්සේලා 30 නමකට හීල් දාන සහ අටපිරිකර පිරිනැමීම ද සිදුකරනු ලැබීය. අනතුරුව, අමරපුර කල්‍යාණවංශ පාර්ශවයේ අනුනායක සහ ආසියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තපෝවනයේ මීතාභාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කඨිනානිසංස දේශනාව පවත්වන ලදී.

ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය - යාපනය මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී කර්නල් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා ඒඒටීඕ ගේ අධීක්ෂණය යටතේ මෙම ආගමික උත්සවය පවත්වන ලදී. මෙම අවස්ථාවට උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ඒ.ඒ.ඒ.ආර් අබේසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, යාපනය බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය මෝගන් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිත මානවඩු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිවිල් බැතිමතුන් පිරිසක් ද එක්ව සිටියහ.