Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th October 2023 22:54:59 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සඳහා අධ්‍යාපනික වැඩමුළුවක්

‘Scientific Adaptation of the Human Body to Exercise’ තේමාව ඔස්සේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2023 ඔක්තෝබර් මස 13 සිට 15 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හා කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්.ඩී.කේ.ඩබ්ලිව්.එම්.අයි. වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ප්‍රමුඛ 9 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් අයි.එම්.ජී.එන්. ජයතිලක, ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් ආර්.ඊ.ඩබ්ලිව්.එල්. දයාරත්න, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා උපදේශකවරුන් වන සැරයන් ජී.අයි.කේ.ජේ. නිශාන්ත හා කෝප්‍රල් අයි.යූ.ඩබ්ලිව්. දිසානායක සහ යුද්ධ හමුදා ක්‍රීඩා උපදේශක කෝප්‍රල් එන්. අජන්තන් ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් මෙම දේශනය පවත්වනු ලැබීය.

ශාරීරික යෝග්‍යතාවය ප්‍රවර්ධනය කිරීම හා ප්‍රතිකාර ලබාදීම සහ ක්‍රීඩාවේදී සිදුවන අනතුරු වලක්වාගැනීම පිළිබඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්වීය.

වැඩමුළුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශාරීරික පුහුණු උපදේශකවරුන් 68 දෙනෙකු ඇතුළු තවත් පිරිසක් සහභාගී වී සිය දැනුම ප්‍රවර්ධනය කරගනු ලැබීය.