19th April 2023 20:15:14 Hours
යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සංකල්පයකට අනුව සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය නිමිති කරගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම මූලස්ථානයේදී පැවැත්විණි.
එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (අප්‍රේල් මස 12) දින පැවති මෙම පරිත්‍යාග උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූවේය. එහිදී, එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකක සහ එම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 55 ක් බෙදාදෙනු ලැබීය.