26th May 2024 18:10:50 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් වර්ණවත් වෙසක් කලාපයක් පැවැත්විණි.
එදින සන්ධ්‍යාවේ, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේ කඩල දන්සලක් ද සංවිධානය කර තිබිණි. ඊට අමතරව, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, දියතලාව යුද්ධ හමුදා මූලික රෝහල, 7 ශ්‍රී ලංකා සංඥා බලකාය, 1 ගැමුණු හේවා බලකාය, 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 17 ඉංජිනේරු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී ද වර්ණවත් වෙසක් නිර්මාණයන්ගෙන් සමන්විත වෙසක් කලාපයන් පැවැත්වීය.