07th November 2023 05:35:02 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් ඔක්තෝබර් මස 16 දින සිට 21 දින දක්වා එම මූලස්ථානයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම පුහුණු වැඩමුළුව පවත්වනු ලැබීය.
වැඩමුළුව සඳහා කොමිෂන් නොලත් නිලධාරීන් 40 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාව සමාප්තියේදී ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුම දෙනා වෙත සහතිකපත් ප්‍රධානය කරනු ලැබීය. අනතුරුව පුහුණු වැඩසටහන අවසන් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.