08th October 2023 21:18:19 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මඟින් පවත්වන ලද ‘ක්‍ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩ’ පාඨමාලාව පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 03) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සමාප්තියට පත් විය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ඩී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
සති දෙකක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුතු සෙසුනිලයන් 35 දෙනෙකු සහභාගි වූ අතර, විශේෂ බළකායේ යතුරු පැදි කණ්ඩායමක් විසින් පාඨමාලාවේ උපදේශකවරුන් වශයෙන් කටයුතු කරනු ලැබීය.