Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2023 20:19:52 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සඳහා අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ පුහුණු වැඩසටහනක්

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම සේවයේ නියුතු කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය‘ පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින එම සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරිනී මහේෂි මදුවන්ති මහත්මිය විසින් එම දැනුවත් කිරීමේ දේශනය පවත්වන ලදී.