30th August 2023 19:47:39 Hours
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සදාචාරාත්මක හර පද්ධතීන් ඉහළ නැංවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් අගෝස්තු මස 22 සිට 24 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී ‘මනෝවිද්‍යාත්මක සංවර්ධනය’ පිළිබඳ තෙදින වැඩමුළුවක් පැවැත්විණි.
මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොනරාගල යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී ප්‍රධාන වශයෙන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සදාචාරාත්මක හර පද්ධතීන් සහ මානසික ශක්තිය පිළිබඳව අවධානය යොමුකෙරිණි.
වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 75 කට අධික පිරිසක් සහභාගි වූ අතර වැඩමුළුව සමාප්තියේ ඔවුන් සියලුදෙනා වෙත සහතිකපත්‍ර පිරිනැමීය.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සමඟින් මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.