Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2023 20:15:22 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් ආපදා සහන මෙහෙයුම්වල නිරත වෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් බෙරගල, බතලේගොඩ ප්‍රදේශය ආසන්නයේ ඇති හපුතලේ - කොළඹ මාර්ගයේ කොටසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට සිදුව තිබූ අවහිරතා පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින ඉවත් කරන ලදී.

පසුගිය ඉරිදා (නොවැම්බර් මස 05) ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශයට නාය යෑමේ තර්ජනයක් එල්ල වූ අතර, සඳුදා (නොවැම්බර් මස 06) දින විශාල පස් කන්දක් සහ පාශාණ කොටස් මාර්ගයට කඩා වැටීමේ අවධානම් තත්වය පිළිබද යුද්ධ හමුදාවේ යතුරුපැදි කණ්ඩායම කඩිනමින් අවට වෙසෙන සිවිල් වැසියන් දැනුවත් කිරිම් සිදු කළේය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ සහය ඇතිව බෙරගල, බතලේගොඩ ප්‍රදේශය අතර ඇති කොළඹ - හපුතලේ ප්‍රධාන මාර්ගයේ තිබූ අවහිරතා ඉවත් කර රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරන ලදී.

එදිනම කොළඹ - හපුතලේ ප්‍රධාන මාර්ගයේ වල්ගහවෙල සහ බොරලන්ද අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අවහිරතා ඉවත් කිරීමටද භටපිරිස් සිය සහය ලබා දුන්හ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් නොවැම්බර් මස 04 – 06 කාලය තුලදී බොරලන්ද ප්‍රදේශයේ නිවසක වහලයක් මතට කඩා වැටී තිබූ අතු ඉවත් කිරීමටද සිවිල් වැසියන්ට සහාය වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මෙම සියළුම ආපදා සහන මෙහෙයුම් නිරීක්ෂණය කරමින් ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්හ.