13th January 2023 17:40:26 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මෙහෙයවන ලද ‘නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම’ පිළිබඳ කාලෝචිතව වැදගත් වූ හරවත් දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් සහභාගීත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින පැවැත්විණි.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා විසින් දේශනය පවත්වන ලද අතර, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, අධිකරණ ක්‍රියා පටිපාටිය, නීතිය වර්ගීකරණය, අධිකරණ ධුරාවලිය, ක්‍ෂේත්‍රය මෙහෙයුම් වලදී පවතින නීතිමය රාමුව යටතේ යුද්ධ හමුදාව සහ පොලිසිය අතර පවතින සම්බන්ධීකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් විෂයය ක්‍ෂේත්‍රය පිළිබඳව භටපිරිස් දැනුවත් කරන ලදී. එහිදී අවසන් වශයෙන් ප්‍රශ්නෝත්තර සැසියක් පවත්වන ලදී.
මෙම දේශනය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා භටපිරිස් තුන්සිය හැට (360) දෙනෙකු සහභාගී වූහ.