Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2024 11:00:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් ‘Blisful Minds’ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත මදුරංගල ප්‍රාථමික විද්‍යාලයේ 1 සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 47 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 06 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්ගේ මඟපෙන්වීම මත 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, Blissful Minds සංවිධානයේ සාමාජිකයින්, විදුහල්පතිවරුන්, ගුරු භවතුන් සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.