04th November 2023 22:41:34 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයේ 231 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 75 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ සුභසාධන වැඩසටහනක් අරලගංවිල, ‘ප්‍රතිභා’ ශ්‍රවණාගාරයේදී බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 02) දින පවත්වන ලදී.
ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත්වන එම ප්‍රදේශයේ පවුල්වල ගැබිනි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා ආඥාපති -නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් ලබාදුන් උපදෙස් මත 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස් ජයවර්ධන ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ 12 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජී.එස් රණසිංහ වැඩසටහන සංවිධානය කරන ලදී.
වැඩසටහන සඳහා රුපියල් 500,000.00 ක මුල්‍යමය වියදමක් දැරූ අතර, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ ඉල්ලීමකට අනුව ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම සහ මේජර් ජෙනරල් කුමුදු පෙරේරා (විශ්‍රාමික) විසින් එම මූල්‍යමය දායකත්වය සපයනු ලැබීය.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූ අතර, උත්සවය අතරතුරදී විලයාය, මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් විසින් විචිත්‍රවත්වූ සංස්කෘතික නැටුම් සංදර්ශණයක්ද ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී ගැබිණි මව්වරුන්ට කෙටි ආහාර සහ තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.
උත්සව අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජී.එච්.පී. කුමාර මහතා සහ මහවැලි බී කලාපයේ කළමනාකරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.