29th December 2024 16:51:13 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 27 දින 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
12 පාබල සේනාංකය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, අනතුරුව එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.ඒ.ආර්.සී. වීජේසූරිය ආර්එස්පී යූඑස්පී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන්පසුව, නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් විසින් වත්මන් ආරක්‍ෂක තත්ත්වය, සේනාංකයේ කාර්යභාරයන් මෙන්ම එහි අඛණ්ඩ රාජකාරි පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ආඥාපතිතුමන් වෙත සපයන ලදී.
අනතුරුව, ආඥාපතිතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් පසු එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුව එම නිල සංචාරය අතර තුරදී ආඥාපතිතුමන් 121 පාබල බලසේනාවේද නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර දී ආඥාපතිතුමන් කතරගම වැඩසිටි කන්දෙ විහාරස්ථායේ ප්‍රධාන ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත්‍තේය.