11th April 2024 18:37:52 Hours
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අප්‍රේල් මස 08 දින පැවති රාමසාන් උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර ඉටුකිරීමේ උත්සවයක් සඳහා සහභාගී විය.
දියතලාව ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම ඉෆ්තාර් උත්සවය සඳහා ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් රැසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාවට හපුතලේ, කහගොල්ල, දියතලාව ජුම්මා මුස්ලිම් පල්ලිවල ප්‍රධාන පූජකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.