28th November 2023 09:35:17 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු කාන්තා සෙබළියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රථම සංස්කරණ පාඨමාලාව නොවැම්බර් මස 13 සිට 25 දින දක්වා දියතලාව බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදි පැවැත්විණි.
සති දෙකක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා නිලධාරිනියන් 2 දෙනෙක් සහ කාන්තා සෙබළියන් 72 දෙනෙක් සහභාගී වූහ. මෙම සංස්කරණ පාඨමාලාවේදී, ආරක්‍ෂාව, වෙඩි තැබීම්, ප්‍රථමාධාර ලබාදීම, ශාරීරික පුහුණුව සහ නායකත්වය ආදිය පිළිබඳ පුහුණු කිරීම් සිදුකරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම පාඨමාලාව ක්‍රියාත්මක කෙරිණි.
මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය නොවැම්බර් මස 25 දින පැවති අතර එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ඒ.ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.