Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2024 15:45:45 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 දෙසැම්බර් මස 11 දින 1 බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරී‍මෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් කේ.එන්.එම්.එන්. මැදගෙදර යූඑස්පී එල්එස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් පසුව ඒකක අණදෙන නිලධාරිතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරය, වත්මන් ක්‍රියාන්විතයන් සහ මේ වනවිට ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් සබැඳිව එතුමන්ව සවිස්තරාත්මකව දැනුවත් කළේය.

පසුව, එතුමන් එම ඒකකයේ කාර්යාල පරිශ්‍රය, සලාක ගබඩාව සහ රථවාහන නඩත්තු කරන ස්ථානයන් වෙත ගොස් එම ස්ථානයන්හි සේවයේ නියුතු කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ ක්‍රියාන්විත සූදානම සහ හැකියාවන් ඇගයීමට ලක්කළේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.