Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2024 22:10:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය නැගෙනහිර හි නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2024 දෙසැම්බර් මස 26 දින භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානය නැගෙනහිර හි නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ දී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු සමාලෝචනය කිරීම සහ පරිපාලන කටයුතු පිළිබඳව අවධානය යොමුකිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි ආඥාපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ඉන්පසුව, ආඥාපතිතුමන් භට කාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ භටපිරිස් ආමන්ත්‍රනය කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.