Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

14th May 2020 21:30:24 Hours

ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, පොලිස්පති ඇතුළු ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරින් දීඝවාපියේ සහ මුහුදු මහා විහාරයේ සංචාරයක නිරත වෙයි

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ නායකත්වයෙන් යුතුව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි අංශ ප්‍රධානී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරින් කිහිපදෙනෙකු අද (14) දින දීගවාපිය සහ පොතුවිල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ.

මෙම නිලධාරින් පිරිස ප්‍රථමයෙන් දීගවාපි පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සොභිත ස්වාමින් වහන්සේ බැහැදැක එම විහාරස්ථානය සතු දේපළ ආදියේ අති ගැටළු කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් නටඹුන් සංරක්‍ෂණය කිරීම සම්බන්ධ කරුණු පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබීය. මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථම සියළු නිලධාරින් එම පුදබිම සහ මහා සංඝරත්නය වැඳ නමස්කාර කළහ. ඉන් අනතුරුව, ආගමික වතාවත්හී නිරත වූ නිලධාරින් විහාරස්ථානය නිරීක්‍ෂණය කළ අතර එම පූජනීය ස්ථානයට ඔවුන්ගේ නමස්කාර පුර්වක ගෞරවය පුද කළහ.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පරිභෝජනය කළ වස්තුන් සහ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති සොලොස්මස්ථාන වලින් සයවන ස්ථානය වන ඓතිහාසික දීඝවාපි විහාරස්ථානයේ පවත්වනු ලැබූ මෙම සාකච්ඡාවට සහභාගි වීම සඳහා හිඳගොඩ ඉන්ද්‍රසාර මහා විහාරස්ථානයේ විහාරාධිපති සහ අම්පාර පිරිවෙනෙහි පිරිවෙනාධිපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නායක හිමිපානන්ද වැඩම කළහ.

ඓතිහාසික ‘මහවංශයට’ අනුව, බුදුරජාණන් වහන්සේ රහතුන් වහන්සේලා 500 ක් සමඟ මෙම පුදබිම වෙත වැඩම කළ බවත් වත්මන් දීඝවාපි චෛත්‍ය සද්ධාතිස්ස රජතුමන් විසින් ක්‍රිස්තු පූර්ව 137-119 දී ඉදිකළ බව කියැවේ. අනුරාධපුර සහ පොළොන්නරුව රාජධානි බිඳ වැටීමත් සමඟම මෙම පූජනීය ස්ථානය ගරාවැටෙන ලදී. වර්ෂ 1916 දී පූජ්‍ය කොහුකුඹුරේ රේවත හිමිපානන් වැඩම කිරීමත් සමඟ දීඝවාපි චෛත්‍ය ‍ඉතිහාසය පිළිබඳ පුනර්ජීවනය ආරම්භ වූ අතර එම හිමිපානන් විහාරස්ථානයට අයත් ඉඩම් සංවර්ධනය කර ඉතාමත් ආකර්ෂණිය හා මනස්කාන්ත අයුරින් එම විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්ට වන්දනාමාන කිරිම වෙනුවෙන් සුදුසු අයුරින් සකස් කරන ලදී. කෙසේ වුවද වර්ෂ 1950 දී ඇතිවූ බෞද්ධ විරෝධි අරගලයකදී සාහසිකයන් පිරිසක් විසින් පූජ්‍ය කොහුකුඹුරේ රේවත හිමිපාණන්ව ඝාතනය කර තිබුණි.