Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th November 2023 10:37:47 Hours

ආපදා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම පිළිබඳව 21 පාබල සේනාංකයේ භටපිරිස් දැනුවත් කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇති වුවහොත් මුදවාගැනීමේ මෙහෙයුම් සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රම පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ සෙවීමේ සහ මුදාගැනීමේ කණ්ඩායම් වෙනුවෙන් නොවැම්බර් මස 5 සිට 17 දින දක්වා අනුරාධපුර මල්වතු ඔය, ගල්පාලම අසලදී ප්‍රායෝගික ආදර්ශන සහිත වැඩමුළුවක් පැවැත්වීය.

ගම්පොල ප්‍රදේශයේ ස්ථාපිත ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් 8 දෙනෙකු විසින් මෙම වැඩමුළුවේදී දේශන, ආදර්ශන සහ ප්‍රායෝගික සැසිවාරයන් තුළින් පුහුණු ක්‍රමවේදයන් පැවැත්වීය. එහිදී, මූලික ආපදා සහන සැලසීම, උදම් රළ හඳුනා ගැනීම, ගංවතුර තත්ත්වයකදී ප්‍රථමාධාර ලබාදීම සහ ජීවිතාරක්‍ෂක ක්‍රමවේදයන්, දියේ ගිලෙන පුද්ගලයෙකු බේරාගැනීම හා එම පුද්ගලයා ආරක්‍ෂිතව රැගෙන ඒම සහ මෝටර් බෝට්ටු ක්‍රියාත්මක කිරීම ආදි ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත එ්කකයන්හි සේවයේ නියුතු නිලධාරීන් 8 දෙනෙක් සහ සෙසුනිලයන් 160 දෙනෙක් සහභාගී වූහ.