Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th September 2017 20:47:16 Hours

ආත්මාරක්ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලාවට සහභාගිවුවන් සහතිකපත් ලබයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයෙහි පවත්වනු ලැබු ත්‍රෙමාසික ආත්මාරක්ෂක සටන් කලා මුලික පුහුණු පාඨමාලා අංක 01හි සමාප්ති උත්සවය සහ සහතිකපත් ප්‍රදානය සඳුදා (18) දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

යුද්ධ හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උපදෙස් අනුව, Kru (මාස්ටර්) Muaythai සංගමය (KMA) හා ලෝක මෝයි බෝරාන් සංගමයේ (World Muay Boran Federation - WMBF) සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලද art of the eight limbs යනුවෙන් ද හදුන්වන මෙම සටන් කලා පාඨමාලාවේදි එම පාඨමාලාවට සහභාගි වු යුද හමුදා සමාජිකයින් 12 ක් යුද්ධ හමුදා පුහුණුකරුවන්ගේ සංචිතයට ඇතුල්විමට සුදුසුකම් ලැබුහ.

පාඨමාලාවට සහභාගි වු අනෙකුත් යුද හමුදා සමාජිකයින් 2017 දෙසැම්බර් මස පැවැත්වෙන යුද්ධ හමුදා සටන් කරුවන්ගේ සංචිතයට තෝරාගැනිමේ පරික්ෂණයට පෙනි සිටිමට නියමිතය.

ත්‍රෛමාසික පුහුණු පාඨමාලාව තුලදී ක්‍රීඩකයින් සම්ප්‍රදායික Muay Boran සටන් කලාවත් නුතන Muaythai (ක්‍රීඩා Muaythai) ශිල්ප ක්‍රම ද හදාරන ලදි. මෙම පුහුණු පාඨමාලාවට සහභාගිවුවන්ට ශාරිරිික සටන් හැකියාවන් පමණක් නොව අධ්‍යාත්මික සහ ජීවන තත්වය දියුණු කරගැනිමේ ශික්ෂණයද පාඨමාලාව තුලින් ලබාදීම සිදුකෙරිණී.

පුහුණුවට සහභාගිවුවන්ගේ හැකියාවන් වර්ගිකරණය Kru (Master) Muaythai Association (KMA)මගින් ඒ සදහා වු Master Guide Information Tool Kit නම් ක්‍රමවේදය හරහා සිදුකෙරිණි.

KMA සහ WMBF සමාජික රටවල් පිලිගන්නා ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් ද පාඨමාලා හැදෑරුවන්ට මෙහිදි ප්‍රදානය කෙරිණි.

මෙම පුහුණු පාඨමාලාව යුද්ධ හමුදා බොක්සින් පුහුණු කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් සහ අධික්ෂණය මත පවත්වන ලදි.

Nike air jordan Sneakers | Nike Shoes