Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th May 2016 17:25:00 Hours

ආණ්ඩුකාරවරයා නැවත පදිංචි කිරීමේ ප්රමගති‍ පිළිබඳ සොයා බලයි

ගරු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සමඟින් පසුගිය සඳුදා (23) දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය. මෙහි දි ආණ්ඩුකාරවරයා හා වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා අතර සුහද හමුවක් පැවති අතර, ආඥාපතිතුමා විසින් නැවත පදිංචි කිරීමේ ප්‍රගති‍ය සහ වන්නි කලාපයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි. රාජකාරි භාර ගැනීමෙන් පසු වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය තුල උතුරු පලාත් ආණ්ඩුකාරවරයා කළ පළමු සංචාරය මෙය වේ.Nike Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers