Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:34 Hours

අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ නිලධාරී නිවස්න සංකිර්ණය ඉදිකිරීමෙහි මුල්ගල තැබේ

අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නිලධාරී නිවස්න සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ උත්සවය මාර්තු මස 5 වන දින රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා කළමනාකාරීත්ව මණ්ඩලයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල රණතුංග සමඟින් නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල රණවීර සහ අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලුතිනන් කර්නල් නන්දන වීරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව මෙම අවස්ථාවට සපැමිණි මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුණු අතර රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද එතුමන්ට ගෞරව කරන ලදී.

එමෙන්ම, රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා කළමනාකාරීත්ව මණ්ඩලයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කර්මාන්තශාලාවේ සෑම අංශයක්ම නිරික්‍ෂණය කළ අතර අදාළ අංශවල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් විසින් වෙන් වෙන් වශයෙන් කරන ලද සවිස්තරාත්ම විස්තරයකට සවන්දුන් එතුමන් ඔවුන්ගේ කාර්යභාර්යන් සහ නිෂ්පාදන ක්‍රියාවලින් පිළිබඳ දැනුවත් විය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී අලව්ව රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ සිදු කළ සංචාරය අවසානයේ මෙම අවස්ථාව සංකේතවත් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තබනු ලැබීය. Best Sneakers | Nike Air Max 270