Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2017 08:06:04 Hours

අරන්තලා පුදබිමේ නව විශ්‍රාම ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 24 වන සේනාංක භට පිරිස්හි සහාය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් ඉංජිනේරු සේවා බලකායේ සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් අරන්තලාව විහාරස්ථානයේ නව විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා වෘත්තිමය සහාය ලබාදෙනු ලැබීය.

එල්ටිටිඊ ත්‍රස්ත ප්‍රහාරයකින් අපවත් වූ පූජ්‍ය හැගොඩ ඉන්ද්‍රසාර නායක ස්වාමින් වහන්සේ ඇතුලු භික්ෂුන් වහන්සේලා පිරිසක් සිහිවිම පිණිස අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කිරිදිවැල සෝමරතන ස්වාමින් වහන්සේගේ මඟපෙන්විම මත ඉදිකළ මෙම නව විශ්‍රාම ශාලාව දිගින් අඩි 122 කින් සහ පළලින් අඩි 42 කින් සමන්විත වේ.

පූජ්‍ය හැගොඩ ඉන්ද්‍රසාර අනුස්මරණ විශ්‍රාම ශාලාව ලෙස නම් කර ඇති මෙය විහාරාධිපති හිමියන්ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජූනි මස 02 වන දින විවෘත කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ මඟපෙන්විමෙන් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධික්ෂණය යටතේ මෙම ඉදිකිරිම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

Nike Sneakers Store | UOMO, SCARPE