02nd July 2023 21:36:02 Hours
අම්පාර සටන් පුහුණු පාසල මගින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 66’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සෙනසුරාදා (ජුලි මස 01) දින පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.කේ.ඒ.ඩී චන්ද්‍රමාල් සහභාගී විය.
මසක පමණ කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව හැදෑරීම සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිළධාරීන් 144 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ එච්.එම්.එම්.එල්.කේ සේනාරත්න සම්මාන ලැබීය.
ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සුනිලයින් පිරිසක් සහභාගි වූහ.