07th November 2023 05:37:04 Hours
අම්පාර සටන් පුහුණු පාසල මගින් කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 04) දින එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 93 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මසක කාලයක් මෙම පාඨමාලාව පැවැත්වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.බී.එස්.එම් වීරකෝන් විසින් දිනාගන්නා ලදී.
සහතිකපත් ප්‍රදානෝත්සවයට අම්පාර සටන් පුහුණු පාසලෙහි අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී චන්ද්‍රමාල්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.