20th September 2023 21:08:25 Hours
අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත සටන් පුහුණු පාසල් පරිශ්‍රයේ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 51’ හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තුවලට අයත් කොමිෂන් නොලත් නිලධාරීන් 77 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 28 දින ආරම්භ වූ පාඨමාලාව 2023 සැප්තැම්බර් මස 15 දින සමාප්ත විය. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්රල් ඩී.පී.එල්.එස්. සද්දාලංකා විසින් දිනාගන්නා ලදී.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගි විය.