04th December 2023 19:12:57 Hours
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 70, පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 147 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, සහතිකපත් සහ සම්මාන ප්‍රදානය කිරීමෙන් අනතුරුව එතුමන් සමාප්ති දේශනය පවත්වන ලදී. උත්සව අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එම්.ඩබ්ලිව්.බී.එච්.ජී.ජී පිටවල ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගී වූහ. පාඨමාවේ පළමු, දෙවන සහ තෙවන ස්ථානයන් කාන්තා සෙබලියන් විසින් හිමිකර ගැනීමට සමත් විය.
පාඨමාලාවේ කුසලතා අනුපිළිවෙල පහත පරිදි වේ.
පළමු ස්ථානය - කාන්තා සෙබල කේ.ඩී.එච් කුමාරි - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය
දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ජී.ටී වීරතුංග - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
තෙවන ස්ථානය - කාන්තා සෙබල වයි.ජී.ඩී තිලකරත්න - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය