23rd May 2024 17:52:23 Hours
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 73’ සාර්ථකව හැදෑරූ සෙසුනිලයන් 127 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 අප්‍රේල් මස 24 දින පැවැත්විණි.
අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් විසින් පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී.
එහිදී, දක්ෂතම සෙබලාට හිමි සම්මානය 2 විශේෂ බලකායේ කෝප්රල් ඒ.ටී. ප්‍රියදර්ශනට හිමිවිය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් ද සහභාගි වූහ.