Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2016 15:20:59 Hours

අම්පාර සටන් පුහුණු පාසලෙහි ‘උපදේශණ ක්‍රම’ පාඨමාලා අංක 14 නිමා වේ

අම්පාර සටන් පුහුණු පාසලේ දී පවත්වනු ලැබූ ‘උපදේශණ ක්‍රම’ පාඨමාලා අංක 14 හි සමාප්ති උළෙල අඟහරුවාදා (2) දින එම පුහුණු පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. එම සමාප්ති උළෙල සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එස් බන්සජය, අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක සහ ප්‍රධාන උපදේශක මේජර් මිලින්ද අළුවිහාරේ ද සහභාගි වූහ. එම පාඨමාලාවෙහි ප්‍රථම ස්ථානය 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායෙහි ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එස්.එම් වීරක්කොඩි විසින් ලබා ගන්නා ලදී. ජුනි මස 28 වන දින ආරම්භකරනු ලැබූ එම ‘උපදේශණ ක්‍රම’ පාඨමාලා අංක 14 සඳහා පාඨමාලාලාභීන් 47 දෙනෙකු සහභාගි වූහ.buy footwear | youth nike kd low tops orange , Nike Air Max , Iicf