25th June 2024 23:09:26 Hours
පොසොන් දිනය සහ මහින්දාගමනයේ වැදගත්කම සංකේතවත් කරමින් විවිධ ජන කොටස් එකමුතුව කටයුතු කිරීම සංකේතවත් කරමින් දිසාපති කාර්යාලය, රාජ්ය නිලධාරීන්, හමුදා සාමාජිකයින්, අනෙකුත් සන්නද්ධ සේවා සහ පොලිසිය එක්ව අම්පාර නගරයේ සංවිධානය කරන ලද නැගෙනහිර පොසොන් කලාපය මගින් ඓතිහාසික මහින්දාගමනය පිලිබිඹු කරනු ලැබීය.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් අම්පාර නගරය අවට අලංකාරවත් කිරීම සඳහා පහන් කූඩු 20 ක් ලබාදුන්හ. මෙම පොසොන් කලාපය 2024 ජූනි මස 21 දින ආරම්භ විය.
නැගෙනහිර පොසොන් උදාව සනිටුහන් කරමින් පොසොන් පොහෝ දින ඓතිහාසික දීඝවාපිය සෑය අභියස ආලෝක පූජා පින්කමක් පවත්වන ලද අතර, නැගෙනහිර පොසොන් උදාව සම්ප්රදායට අනුව අම්පාර මහාවාපිය විහාරස්ථානයේ දී බුදුරජාණන් වහන්සේගේ සර්වඥ කේශ ධාතුන් වහන්සේලා ප්රදර්ශනය කිරීම ද ආරම්භ කරන ලදී.
අනතුරුව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ බැතිමතුන් සහ හමුදා සාමාජිකයින් එක්ව 2024 ජූනි මස 23 දින කිරි ආහාර පූජා උත්සවයක් ද පවත්වන ලදී.