Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2016 18:51:32 Hours

අම්පකාමම් බලඇණි පුහුණු පාසල සඳහා නේවාසික පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

අම්පකාමම් බලඇණි පුහුණු පාසලේ පුහුණු ලාභීන් සඳහා ඉදිකළ නේවාසික පහසුකම් සහිත නව ගොඩනැගිල්ල 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහගේ ආරාධනයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් බ්‍ර‍හස්පතින්දා (16) දින වවෘත කරනු ලැබීය. 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 574 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණයෙන් සෙබලුන් විසින් ඉදි කරනු ලැබූ එම නව ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 2.4 ක් වැය විය. එම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.latest Nike Sneakers | Men’s shoes