Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2023 22:23:41 Hours

අභිමංසල 1 සුවතා නිකේතනයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 1 සුවතා නිකේතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඒ.එස්.පී. ජයම්පති යූඑස්පී පසුගිය බදාදා දින (අගෝස්තු මස 23) ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

එම සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඒ.එස්.පී. ජයම්පති යූඑස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාවිධායකතුමන් එම සුවතා නිකේතනයේ පුනරුත්ථාපන කටයුතුවල නිරත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලුවේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.