Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2024 18:35:15 Hours

අභිමංසල 1 මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගීත සහ ආශීර්වාද දේව මෙහෙයක්

අනුරාධපුරය අභිමංසල 1 සුවසහන නිකේතනය විසින් 2024 දෙසැම්බර් මස 26 දින නත්තල් කැරොල් ගීත සහ ආශීර්වාද දේව මෙහෙයක් පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අනුරාධපුර රෝමානු කතෝලික රදගුරු අති උතුම් දේව ධර්මාචාර්ය නෝබට් අන්ද්‍රාදි ඕඑම්අයි හිමිපාණන් සහභාගී විය. මෙම අවස්ථාවට එම සුවසහන නිකේතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, පුනරුත්ථාපනය වන යුද්ධ හමුදා සාමාජිකයන් සහ කාර්යය මණ්ඩලය සහභාගී වූහ.