21st October 2023 22:20:30 Hours
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්ගේ සහභාගීත්වයෙන් කබඩි තරඟාවලියක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී ඔක්තෝබර් මස 18 දින සිට 19 දින දක්වා පැවැත්වීය.
6 ගැමුණු හේවා බලකා කබඩි කණ්ඩායම සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කබඩි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයේදී 68 පාබල සේනාංක කබඩි ශූරතාව දිනා ගැනීමට 6 ගැමුණු හේවා බලකා කබඩි කණ්ඩායම සමත් වූහ.
තරඟාවලියේ ත්‍යාග ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය.
අවසන් මහා තරඟය නැරඹිම සඳහා 68 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් පැමිණ සිටියහ.