29th July 2024 17:11:35 Hours
අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2024 ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකායේ බලකාධිපති, යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන් වීම යටතේ 2024 ජූලි මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය අතර පැවති සුපර් ලීග් අවසන් මහා තරඟය නැරඹීමට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූහ.
විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් 2024 ජූනි මස 25 දින සිට 2024 ජූලි මස 02 දින දක්වා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවති තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 19ක් සහ කාන්තා කණ්ඩායම් 04ක් සහභාගී වූහ.
උණුසුම් තරඟයකින් තම ප්‍රතිවාදියා පරදවමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සුපර් ලීග් ශූරතාව දිනාගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය දෙවන ස්ථානය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තෙවන ස්ථානය හිමිකරගනු ලැබීය.
තරඟාවලියට විශේෂ අද්දැකීමක් එක්කරමින් අවසන් මහා තරගයට පෙර ‘එ’ ඛාණ්ඩයේ පිරිමි සහ කාන්තා ආධිපත්‍යය හිමිකර ගැනීම වෙනුවෙන් තරඟ දෙකක් පවත්වන ලදී. එහි ‘එ’ ඛාණ්ඩයේ පිරිමි තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය සමඟින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව තරඟ වැදි අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අනුශූරතාවය හිමිකර දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය ශූරතාවය හිමිකරගැනීමට සමත්විය. ‘එ’ ඛාණ්ඩයේ කාන්තා අවසන් වටය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය තරඟ වැදි අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකාය ශූරතාවය සහ අනු ගූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමි විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක් කරමින් තරඟයන් අවසානයේ කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළේය.
දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවීණයන් ඇතුළු සම්භාවනීය මණ්ඩලයක් විසින් තරඟාවලිය අපක්ෂපාතීව විනිශ්චය කරන ලද අතර, ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරු සංගමයේ සාමාජිකයෙකු වන විනිසුරු කපිල බන්නායක මහතා විසින් මෙම කමිටුව මෙහෙයවන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.බී.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී, වොලිබෝල් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. රොහාන් ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් තරගය නැරඹීමට සහභාගී වූහ.
තරඟාවලියේ ක්‍රීඩකයන් අතරින් මෙම තරඟකරුවන් ස්ථාන දිනා ගන්නා ලදී:
දක්ෂතම ක්‍රීඩකයා - ලාන්ස් බොම්බිඩ්යර් පී.එම්.සී කැළුම්රත්න ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
දක්ෂතම ප්‍රහාරකයා - කෝප්‍රල් කලෛයි චෙල්වම් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය