11th August 2024 13:50:48 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2024 බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස10 දින අවසන් විය.
මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු කණ්ඩායම් 16ක් සහභාගීවූ අතර, අවසන් මහ තරඟයට ගැමුණු හේවා බලකා කණ්ඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම සහභාගී වූහ.තියුණු තරඟයකින් අනතුරුව ගැමුණු හේවා බලකා කණ්ඩායම ගෝල 6-5ක් ලෙස ගජබා රෙජිමේන්තුව පරාජය කරමින් ශූරතාව දිනාගන්නා ලදී.
මෙම අවසථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කණ්ඩායම් වෙත සම්මාන සහ කුසලාන ප්‍රදානය කරන ලදී. තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ එම්.ජේ.ආර් මොහොමඩ්ද, අවසන් මහා තරඟයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස ගැමුණු හේවා බලකායේ ආධුනික සෙබළ එම්.ටී.එස්. මන්සුක් සහ දක්‍ෂතම ගෝල් රකින්නා ටී.එස්. පියසාන්ද දිනාගත්තේය.
මෙම අවස්ථාවට යුධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.